හදාගත්ත සම්මතය විලි


 හදාගත්ත සම්මතය විලි වසාගෙන යෑම වෙද්දි ඇඟේ වැඩි කොටසක් පෙන්නගෙන යන තරුණියට බලපාන නීතියක් හදන්න අමාරුයි. එහෙම හදන්නත් බෑ. තමන් බැන්ඳ කෙනා ඉද්දි තවත් කෙනෙක් එක්ක එයා දැනුවත්ව සම්බන්ධයක් පවත්වාගෙන යාම වගේ දේවල් නීතියෙන් නතර කරන්න බැහැ. අවවාද දෙන්න පුලුවන් ඉතින්. වැරැද්ද දැක දැක නිහඬව ඉන්න එක වැරද්දක් උනාට නීතියෙන් ඔහු නිර්දෝෂී. දෙමාපියන්ගෙ මහන්සියෙන්, නිදහස් අධ්‍යාපනයෙන් උපාදි ගහල පිටරට යන උගත් කියන කෙනාට පුද්ගලික ස්වාධිපත්‍යය කියල එකක් තියෙන නිසා නවත්වන්න වත්, බුද්ධි ගැලීම නවත්වන්න වත් වැඩපිළිවලක් නීතියේ නැහැ. බල්ලව මෙට්ටේ උඩ තියල වැඩකාරිට කුස්සියේ බංකුවක් දෙන සල්ලිකාරයගෙ වැඩ වලට නීතියෙන් තහංචි බෑ. ඉතින් ඔය අතරට තමා යුක්තිය, සාරධර්ම, ගුණවත්කම, ආගමික හික්මීම එන්න ඕන. ආගම් කියන දේ තුලින් කළ එක ප්‍රධානම දෙයක් තමා මේක. (ප්‍රධාන ආගම් 4 දිහා බැලුහම හොඳින් දැක ගන්න පුලුවන්). ඒ කියන්නේ සොබාදහමේ ඇති සම්මතයට (යුක්තියට) එකඟ වෙන්න, ඒ සමග ජීවත් වෙන්න, හික්මෙන්න කියාදීම වගේ දේවල්. (පස්සේ ආගම් අදහන අයගෙන්ම ඒ දහම වෙනස් වෙන්න, වෙන දේවල් එකතු වෙන්න පටන් ගත්ත). ඒ නිසා අප තේරුම් ගන්න ඕන සමාජ සම්මතය මොකද්ද. ඒක නීතියට කලින් යුක්තියට (සොබාදහමේ සම්මතය) එකඟද... නීතියට එකඟද. කොහොමද ජීවත් වෙන්නේ ඕන කියල.


එහෙම නැතිව ලෝකෙ ගලාගෙන යන ලිබරල් නිදහස් මානසිකත්වයත් එක්ක ගියොත් වෙන්නේ නීති දාලාත් නවත්වන්න බැරි මානසික අවුලක් තියෙනව අය ඇතිවෙන එක වැඩි වීම. උදාහරණයක් විදිහට ඉතින් ගොඩක් අය නොදන්නවා උනාට හොලිවුඩ් වල ගොඩ දෙනෙක් මානසික ආතතියට, විශාදයට වගේ මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නව. ඒ වගේම බොහෝ සමීක්ෂණ වාර්තාවල පෙන්වන්නේ තාරුණ්‍ය ඇතුළු සියලු දෙනා සිතට ඇතිවන සිතුවිලි කළමනාකරණය කර නොගැනීමෙන් බොහෝ දෙනා වල්මත් වී ඇති බවයි. ඉතින් අවුළ සම්මතයෙවත්, නීතියේවත් නෙමේ. ඒක තියෙන්නේ සමාජ සත්වයා ගාව. ඒක නිසා අඳින්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.

No comments:

Post a Comment

]]>

true #ffffff true By true #ffffff false #ffffff TextAndImage #ffffff false 1x1 true false true 1 false #ffffff false false
</div></div> <div class="date-outer"> <div class="date-posts">
</div></div>

:

               
]]>

3 true true LAST_WEEK

ALPHA CLOUD ALL false

  • ()
()
true true #000000 #000000 #000000 #000000 #FFFFFF #000000 #000000


*

*

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්